• (+94) 047-2222273
  • mvudamalala@gmail.com
previous arrow
next arrow
PlayPause
Slider

උඩමලල මහා විදුහල් මාතා !

 

කාෂ්ටක අව්ව සුළං රැලි හා මුසුව හමා යන්නේ ගත දවන උණුසුම් සුළඟක් ලෙසටය එනමුදු ඒ සුළං රැලි කපාගෙන මහලේවාය පහුකරමින් හම්බන්තොට සිට තිස්සමහාරාම පාරේ ඉදිරියට ගමන් ගන්නා විට උඩමලල ප්‍රදේශය හමුවේ.  ඒ කවුරුත් දන්නා මහනුවර යුගයේ රජකම් කළ රාජාධි රාජසිංහ රජතුමාගේ රාජ සභාවේ කවටයා විදියටත් ඔහුගේ අදිකාරම් වරයෙකු හැටියටත් සේවය කළ අපූර්ව කවියකු ලෙස ප්‍රකට අන්දරේගේ සොහොන පිහිටි ස්ථානයට ආසන්නයේ පිහිටා ඇති උඩමලල මහා විද්‍යාලය සොභාව සෞන්දර්යයෙන් අනූන සුන්දර පරිසරයක පිහිටා ඇති අතර අප පාසල නැණ  ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි.

 

Read More

පාසලේ දැක්ම

පාසල හම්බන්තොට කලාපයේ දැනුම කේන්ද්‍රීිය මධ්‍යස්ථානය බවට පත්කිරීම

අපගේ මෙහෙවර

නව අධ්‍යාපන ප්‍රවේශයන් ක්‍රියාත්මක කරමින් නිපුණතා පිරිපුන් ජාත්‍යන්තර විද්‍යුත් තාක්ෂණය සමගින් ගුණගරුක ප්‍රඥාවන්ත හා සංස්කෘතික සමාජ අගයන් ආරක්ෂා කරන සිසුන් පිරිසක් සමාජගත කිරීම

Card image cap 29 Oct2021
කියවීම් පැය

කියවිම හා ක්‍රීඩාව යන සංකල්පය පාසල තුල වැඩි දියුණු කිරීම සදහා ශ්‍රී ලංකා ජාතික පුස්තකාලය හා සබුද්ධි  පොත්ගුල ව්‍යාපෘතිය සමග සම්බන්ධ වි සිකුරාදා දින උදෑසන 7.50 සිට 8.50 දක්වා කියවීමේ පැයක් ක්‍රියාත්මක කරනු ලබයි.

 

Card image cap 29 Oct2021
ආදී ශිෂ්‍ය සංගම
හ/උඩමලල මහ විද්යාලයේ ක්රමාණූකූලික නව අදී ශිෂ්ය සංගමය පිහිටුවීමේ මූලික වටයේ සාකච්ඡාව, 2021.පෙබරවාරි මස 25 වන දින පස්වරු 02.00 ට ,විද්යාලීය දේශනාගාරයදී ගරු විදුහල්පති තුමියගේ සහ අචාර්ය මණ්ඩලයේ මූළිකත්වයෙන් පැවත්වීමට කටයුතු සම්පාදනය කර ඇති අතර,
එදින ආදී ශිෂ්ය සංගමයේ නව ක්රියාකාරිත්වය පිළිබදව සහ ඊට සමගාමී ක්රියාවලින් සම්බන්ධවත් කරුණු රාශියක් කතා කිරීමට බලාපොරොත්තු වෙමු.
එම නිසාවෙන් ඔබත් උඩමලල විද්යාලීය ආදී ශිෂ්යයකු නම් එදිනට නොවරදවාම පැමිණෙන ලෙසත් ඔබේ පැමිණිම අපේක්ෂාකරන බවත් කාරූණිකව දන්වා සිටිමු.
ස්තුතියි .
ආදී ශිෂ්ය සංගමය
උඩමලල විද්යාලය
හම්බන්තොට
 
Card image cap 29 Oct2021
සබුද්ධි පොත් ගුල

සබුද්ධි කවය සංවිධානය කරන එන්.එල්.එස්.එල් සබුද්ධි පොත්ගුල පළමු වැඩසටහන මෙම නම වැනිදා පෙරවරු නවයයි තිහට හම්බන්තොට උඩමලල මහා විදුහලේ දී පැවැත්වේ. කියවීම හා නිර්මාණශීලීත්වය වර්ධනය කිරීමේ පෞරුෂ ප්‍රවර්ධන වැඩසටහන් මාලාවේ පළමු පියවර ලෙස එය එදින උඩමලල විදුහලේ දී පැවැත්වේ. පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ එන්.එල්.එස්.එල් හම්බන්තොට මහ නගර සභාවේ හා සියරා කේබල්ස් සමාගමේ සත්කාරයෙන් එය සංවිධානය කෙරේ.

උඩමලල විදුහලේ වැඩසටහනේදී ක්‍රීඩා වෛද්‍ය විද්‍යායතනයේ අධ්‍යක්ෂ ජනරාල් ලාල් ඒකනායක ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ සභාපති යොනාලා ගුණවර්ධන යන මහත්වරු විශේෂ දේශන පැවැත්වීමට නියමිතය. හම්බන්තොට පුරපති එරාජ් ප්‍රනාන්දු සබුද්ධික කවයේ විධායක අධ්‍යක්ෂ සිරිනාථ රාජපක්ෂ යන මහත්ම මහත්මීන් ඇතුළු ආරාධිත අමුත්තන් පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී වේ.